Where the Wild Things Are (2009) - පුංචි අයගෙ සිතුම් පැතුම් මොනතරම් සුන්දරද

ඔන්න පහුගිය දිනවල ආදර චිත්‍රපට දුන්න වගේ , අද චිත්‍රපටය අපි තිලින කරන්නෙ අපිත් එක්ක ඉන්න නංගිලා මල්ලිලාටයි. එහෙමත් නැත්තන් පොඩි හිටයන්ටයි. මේ චිත්‍රපටය එසේ මෙසේ චිත්‍රපටයක් නෙමෙයි, IMDB ශ්‍රේණිගත කිරිම් වල 7.6 ක අගයක් අරගත්, Golden Globe සම්මාන සඳහා නිර්දේශ වූ ඉතා ලස්සන , පොඩි අයට හිතට දැනෙන චිත්‍රපටයක්. අපි මුලින් පොරොන්දු උනා වගේම මේ චිත්‍රපටයෙත් හොඳ පිටපතක් ආපු ගමන්ම "චිත්‍රපටය" අඩවියෙන් තමයි ඔයාලට ඒක දෙන්නෙ.
විනාඩි 101 පුරා දිවෙන මෙම කතාවෙ කතා නායකයා වෙන්නෙ අවුරුදු 11 ක පමන කුඩා දඟකාර සහ පොඩ්ඩක් හිතුවක්කාර පිරිමි ලමයෙකුයි. මෙම මැක්ස් නැමැති කුඩා පිරිමි ලමයට සිටින සහෝදරිය සහ ඔහුගේ යාලුවන් විසින් මැක්ස් ට හරි හැටි සැලකිල්ලක් ලැබෙන්නෙ නෑ. මොහොගේ පියත් මොවුන් අතර දැනට නෑ. මැක්ස්, අම්මත් එක්ක ඇතිවෙන පොඩි හිත් විදනාවකට ගෙදරින් පලායනවා. ඔහු තනියම මහා රාත්‍රියෙ බෝට්ටුවකට නැගලා හිසිම තේරුමක් නොමැතිව ගමන්කරනවා. ඔය ගමන අන්තිමේටම නවතින්නෙ කවුරුත් නොදන්න අමුතුම ආකාරයේ සත්තු ඉන්න දූපතකයි. මේ දුපතේ ඉන්න අය හිතන්නෙ මැක්ස් කියන්නෙ එයාලගෙ රජතුමා කියලා. ඔවුන් අතරත් ඉන්නව මැක්ස් වගේ ටිකක් හිතුවක්කාර සහ දඟකාර එක්කෙනෙක්. අපි බලමු මැක්ස්ට රජතුමා වගේ කොච්චර කාලයක් මෙහෙම ඉන්න පුලුවන්ද කියලා, හෝ මැක්ස්ට ගෙදර යන්න පුලුවන් වෙයිද කියලා.
කතාව හරියට නිකන් ඒකාකාරී සාම්ප්‍රදායික කතාවක් වගේ උනාට මම දන්නවා මේ කතාව අපේ පොඩි හිටි අය බලනකොටනම්, ඇස් පිල්ලම් ගහන්නෙ නැතුවම බලයි. ඒ අද්දැකීම මමත් වින්දා මගේ සහෝදරියගේ ලමයින් එක්ක මේ චිත්‍රපටිය නරඹනවිට. පොඩි ලමයින්ටනම් ගතයුතු ආදර්ශත් ගොඩක් මේ චිත්රපටියෙ තියෙනවා.
චිත්‍රපටය කොතරම් රසවද්ද කියලා ඔය පහලින් තියෙන පෙර දසුන් බැලුවොත් කොඳටම තේරෙයි.
එහෙනම් පොඩි හිටියනුයි, වැඩි හිටියනුයි ඔක්කොමල්ලම බාගෙන බලලා කමෙන්ට් එකක් දාලා යන්න.
------
එහෙනම් පොඩි හිටියනුයි, වැඩි හිටියනුයි ඔක්කොමල්ලම බාගෙන බලලා කමෙන්ට් එකක් දාලා යන්න.
------
A heart breaking work of staggering genius. This film is incredible. If you don't like it at first because you were expecting something more happy, just watch the rest of the movie and you'll realize that maybe life isn't about what you want it to be-- but instead what you can believe it to be You should feel gut wrenching cry inducing laugher propelled happiness that makes you feel warm all over.
Where The Wild Things Are is one of those movies you hope is more realistic then it is just a movie. Every scene of this movie unfolds with beauty filled intentions masked with the ugliness and inevitability of human flaws.
2 අදහස් දැක්වීම්:
ලස්සන ෆිල්ම් එකක් වගේ. බොහොම ස්තුතියි මේක බෙදාගත්තට අපිත් එක්ක.
February 18, 2010 at 2:16 PMela thanx
February 18, 2010 at 4:50 PMPost a Comment
කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.