ඔන්න අපේ යාලුවන්ගෙ ප්‍රතිචාර මත අපි අපේ මේ චිත්‍රපටි අඩවියට ලියන්න ඔබලටත් අවස්තාවක් දෙන්න කැමතියි. ඔබටත් චිත්‍රපටි ගැන ඔබ දන්න අයුරින් අපිත් එක්ක බෙදා ගන්න කැමතිනම්, අපිට ලියන්න. අපි ඔබගේ නමත් එක්ක ඒ ලිපිය මෙහි පල කිරීමට කැමතියි. සිංහල ටයිප් කරන්න අමාරු අයට "Real Time Unicode Converter" එක බාවිතා කරන්න පුලුවන්.කැමති අය අපිත් එක්ක මේ ඊමේල් ලිපිනයෙන් සම්බන්ද වෙන්න පුලුවන්.
chithrapatiya@gmail.com

Saturday, March 27, 2010

Edge of Darkness (2010) - තම ජීවිතය පරඳුවට තබා දියනියගේ මරනය පිලිබඳ සොයන පොලිස් වරයකුගේ කතාවක්


Mel Gibson කියන නම ඇහුනාම මොනවද ඔලුව එන්නෙ. අග්‍රගන්‍ය නාලුවෙක්, අග්‍රගන්‍ය චිත්‍රපට නිෂ්පාදක වරයෙක් , අධ්‍යක්ෂක වරයෙක්, ඔන්න ඔය හැම දේකින්ම අපිට "මෙල් ගිබ්සන්" කියන පුද්ගලයාව හඳුන්වන්න පුලුවන්. ඔහුගේ රංගනයේ තාත්වික බව නිසාම ඔහු දෙවරක් ඔස්කාර් සම්මානයෙන් පිදුනු ලැබුවා. ඒ වගේම ඔහු රංගනයෙන් දායකවුනු Bravehear (1995) චිත්‍රපටය ගැන අමුතුවෙන් කිවයුතු නෑ. මන්ද එය නොබලපු කෙනෙකු සොයා ගැනීම අපහසු කාරනයක් නිසා.


Edge of Darkness කියන්නෙ 2010 ජනවාරි 21 වැනිදා දර්ශන ආරම්භකර ටික දිනයකින් ආදායම් වාර්තා තැබූ මෙල් ගිබ්සන් රංගනයෙන් දායකවන අලුත්ම චිත්‍රපටියයි. ඔහු සැමදාම තුට්ටු දෙකේ වානිජමය චිත්‍රපටවල රංගනයෙන් සම්බන්ද නොවන නිසාම මා ඔහුගේ චිත්‍රපට සඳහා දැඩිව ඇලුම් කරනවා. පෙර කියූ ලෙසම මෙයද එවැනිම අනර්ග කතාවක් සහ අනර්ගීය රංගනයක් රැගත් චිත්‍රපටයක්.
ඔහු මෙහිදී තරුන වියේ පසුවන දියනියකේ පියෙකුගේ ච‍රිතයකට සමගාමීව, සාමාන්‍ය පොලිස් නිලදාරියකුගේ චරිතයක් රංගදක්වනවා. දිගු කාලයකින් පසු නිවසට පැමිනෙන තම එකම දියනිය සමග නිවසේ සිටින විට හදිසියේම සිදුවන වෙඩි තැමීමකින් තම එකම දියනිය තම දෙයත් තුලදීම මිය යනවා. මැය කිසියම් රහස් සංවිදානයකට සම්බන්දවයි වැඩ කර ඇත්තේ. එම සංවිධානය න්‍යෂ්ටික අවි නිපඳවීම හා සම්බන්ද සංවිදානයකි. නමුත් අහඹු ලෙස මෙම සංවිධානය බැඳී ඇති ඔහුගේ දියනිය මෙහි සත්‍ය තත්වය වැටහීමෙන් පසුව මෙය ලෝකයට කිවීමෙ අරමුනින් සහිත්ව මෙම සංවිදානයෙන් පැනයයි. පසුව තම පියා සමඟ ජීවත්වීමේ අරමුනින් පැමිනෙමින් අනතුරුවයි මේ අනපේක්ශිත වෙඩි තැබීම සුඩුවෙන්නෙ. Thomas Cravenගේ චරිතයට පණ පොවන මෙල් ගිබ්සන් මෙහි පියාගේ චරිතයට පනපොවනු ලබනවා. ඔහු මේ සංවිදානය පිලිබඳව මුල සිටම සෙවීමට ආරම්භ කරනු ලබනවා. නමුත් මේ සඳහා රාජ්‍ය මට්ටමේ නායකින් පවා සම්බන්ද නිසා මේ කටයුත්ත ඉතා අසීරුවක් බවට පත්වෙනවා. අවසානයේ ඔහුගේ දියනියගේඔ මරනයට වගකිවයුත්තන්ගෙන නියම වන්දිය උපයයිද ?


තවත් කාරනයක් මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කර තියෙන්නෙ Casino Royale චිත්‍රපටයේ අධ්‍යක්ෂය වන Martin Campbell විසිනුයි. ඒ නිසාම සුපිරි අධ්‍යක්ෂක වරයෙක් සහ සුපිරි නලුවෙකුගේ එකතුවක් විදියට මේ චිත්‍රපටය හඳුන්වන්න පුලුවන්. ඒ බව පහත ඇති පෙර දසුන තුලින්ම ඔබට පැහැදිලි වේවි.

Thomas Craven (Mel Gibson) is a veteran homicide detective in the Boston Police Department. As they are walking out the front door of his house, his 24-year old daughter Emma (Bojana Novakovic) is blow away by a shotgun blast. Everyone assumes that Thomas, who was standing next to her, was the killer's intended target. However, Thomas begins to suspect that Emma was the real target. Driven by heartache and blame, Thomas initiates his own private investigation to uncover Emma's secret life and the reason for her murder. His investigation leads him down the path of corporate and government cover-ups, which resulted in his daughter's elimination. Thomas receives some help from a government operative, Jedburgh (Ray Winstone), who has been sent in to clean up the situation. Thomas Craven's search for the truth brings him closer to his daughter and his own deliverance.





Torrent එක මෙතනින් බාගන් - Download 

7 අදහස් දැක්වීම්:

Ravi said...

onna mmath balanawa

March 27, 2010 at 5:08 PM
Anonymous said...

මෙල් ගිබ්සන්ගෙ නිසාම් දෙපාරක් නොහිතා බන්න දැම්මා . .

March 27, 2010 at 10:17 PM
nilaksha said...

ela ela ! apith ehenam onna ehenam baanawa

March 28, 2010 at 12:26 AM
Anonymous said...

මාර ලිපියක්නෙ ලියලා තියෙන්නෙ.

March 28, 2010 at 12:28 AM
නිමන්ත said...

මේකෙ මෙල් ගිබ්සන්ගෙ රංගනයෙ නම් කැපීපෙනෙන වෙනසක් නෑ. නමුත් ඔයා කියලා තියෙන විදියට සමස්තයක් වශයෙන් හොඳයි

March 28, 2010 at 12:31 AM
Thilanka Kaushalya said...

එල කිරි. මම බැලුව ඒත් මේ කාලෙකින් ලියුවෙ නැත්තෙ මොකද කියලා......... බොහෝම ස්තුතී.

March 31, 2010 at 10:36 AM
mj said...

කමෙන්ට් කරපු හැම දෙනෙක්ටම ස්තූතියි ! ඉදිරියටත් අපිත් එක්ක රැඳිලා ඉන්න,

March 31, 2010 at 2:01 PM

Post a Comment

කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.

අනවසරයෙන් උපුටා ගැන්න එපා.

net visitor stats
free counters