ඔන්න අපේ යාලුවන්ගෙ ප්‍රතිචාර මත අපි අපේ මේ චිත්‍රපටි අඩවියට ලියන්න ඔබලටත් අවස්තාවක් දෙන්න කැමතියි. ඔබටත් චිත්‍රපටි ගැන ඔබ දන්න අයුරින් අපිත් එක්ක බෙදා ගන්න කැමතිනම්, අපිට ලියන්න. අපි ඔබගේ නමත් එක්ක ඒ ලිපිය මෙහි පල කිරීමට කැමතියි. සිංහල ටයිප් කරන්න අමාරු අයට "Real Time Unicode Converter" එක බාවිතා කරන්න පුලුවන්.කැමති අය අපිත් එක්ක මේ ඊමේල් ලිපිනයෙන් සම්බන්ද වෙන්න පුලුවන්.
chithrapatiya@gmail.com

Saturday, March 6, 2010

Twilight 2 - New Moon (2009) සාමාන්‍ය ගැහැනියක් සහ වැම්පයර් කෙනෙකුගේ ආදර කතාව.



ඔන්න කාලාන්තරයක් තිස්සෙ බලාගෙන හිටපු චිත්‍රපටයක හොඳ පිටපතක් ඊයෙ රාත්‍රියෙ නිකුත් උනා. මේ චිත්‍රපටයේ ප්‍රථම කොටස තරුණ කොයි කවුරු අතරත් ආදර කතාවක් ලෙස ගොඩක් ජනප්‍රිය උනා. ඒත් එම චිත්‍රපටයේම දෙවන කොටස ලෙස එන මේ චිත්‍රපටයනම් එතරම්ම හොඳයි කියන්න බෑ.ඒබව imdb rating බලූ විටම පෙනවා. මන්ද එයට ලැබී තියන අගය 4.6 වැනි ඉතා පහල අගයක් බැවින්.

වැඩි විස්තරයක් කියන්න ඕනෙ නෑනෙ. මේකෙ මුල් කොටස බලපු අය දන්නවනේ Edward Cullen කියන්නෙ වැම්පයර් කෙනෙක් කියලා. නමුත් මිනිසුන් නොමරන සතුන් මත යැපෙන මිනිසුන්ට හිරිහැර නොකරන කෙනෙක්. ඒ වගේම Bella Swan කියන්නෙ, Edward Cullen සමග ආදරයෙන් වෙලෙන සාමාන්ය තරුනියක්. ඔන්න ඕකයි කතාවෙ සරල හැඳින්වීම. දැවන කොටසටනම් මේ ආදරයට තවත් පුද්ගලයෙක් එකතු වෙනවා. ඒ තමයි Jacob Black . කාතාව ගැන වැඩි යමක් කියන්නෙ නෑ. බාලම බලන්න.

මේ ලබාදී තිබෙන පිටපත් ගැනනම් කිසිම අවිස්වාසයක් තියන්න එපා.










Torrent එක මෙතනින් බාගන්න

3 අදහස් දැක්වීම්:

උදාරයා said...

යාලුවා කිව්වා වගේම මෙකේ කිසිම තෙරුමක් නැහැ, කොටසේ තිබ්බ ඒ ගතිය මේකේ ගැවිලාවත් නැහැ කියලයි මට නම් හිතෙන්නේ.
මෙක අනික ඔනාවට එපාවට වගේ නිර්මණය කරලා තියෙන්නේ.කාතව ඔහේ ගාලාගෙන යනවා එච්චරයි

March 6, 2010 at 10:04 AM
Anonymous said...

අපො මෙක බානවටත් පාඩුයි.

March 6, 2010 at 10:38 AM
krish said...

thanx

March 6, 2010 at 10:39 AM

Post a Comment

කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.

අනවසරයෙන් උපුටා ගැන්න එපා.

net visitor stats
free counters