ඔන්න අපේ යාලුවන්ගෙ ප්‍රතිචාර මත අපි අපේ මේ චිත්‍රපටි අඩවියට ලියන්න ඔබලටත් අවස්තාවක් දෙන්න කැමතියි. ඔබටත් චිත්‍රපටි ගැන ඔබ දන්න අයුරින් අපිත් එක්ක බෙදා ගන්න කැමතිනම්, අපිට ලියන්න. අපි ඔබගේ නමත් එක්ක ඒ ලිපිය මෙහි පල කිරීමට කැමතියි. සිංහල ටයිප් කරන්න අමාරු අයට "Real Time Unicode Converter" එක බාවිතා කරන්න පුලුවන්.කැමති අය අපිත් එක්ක මේ ඊමේල් ලිපිනයෙන් සම්බන්ද වෙන්න පුලුවන්.
chithrapatiya@gmail.com

Sunday, February 28, 2010

Robin Hood - Beyond Sherwood Forest 2009 (Movie) - [2009 වසරේ තිරගත වීම් ඇරබුනු නවතම රොබින් හුඩ් චිත්‍රපටය]


ඔන්න කාලාන්තරයක් කොයි කවුරුත් ආසාවෙන් බලපු රොබින්හුඩ් ගෙ 2009 වසරේ තිරගත වීමට ඇරබි නවතම චිත්‍රපටය ගැන තමයි අද කියන්න යන්නෙ. කාටත් මතකයිනෙ 1984 දී ජාතික රූපවාහිනිය තුලින් විකාශය වූ "Robin of Sherwood" ටෙලි නාට්‍ය මාලාව. ඒ හා සමාන කතාවක් තමයි මෙම චිත්‍රපටයෙන් ඔබට ගෙනෙන්නෙ. හැබැයි මේකෙදි ටිකක් අමුතු ආකාරයෙ සත්තු , ඒ වගේම දරුනු අයුරින් මිනිසුන් මැරීම් වගේ දේවල් ටිකක් වැඩිපුර පෙන්නනවද මන්දා. මමනම් රොබින්හුඩ් චරිතයට ඇති කැමැත්ත නිසාමයි මෙම චිත්‍රපටය බැලුවෙ. නමුත් අපි මීට කලින් බලා තිබෙන සහ අසා තිබෙන කතා වලින් ටිකක් ඔබ්බට ගිය කතාවක් තමයි මෙහිදී ඔබට දැක ගන්න ලැබෙන්නෙ. චිත්‍රපටය පටන්ගන්නෙ, රොබින්ට අවුරුදු 10ක් පමන වයසෙදී ඔහුගේ පියාව තවත් පුද්ගලයකු විසින් මරනු ලබන අවස්තාවකදී. තම පියාගේ එම මරනයින් පසු කෑලෑවට යන රොබින් එහිදී ඔහුගේ ගෝලයන් සමග ශර්වුඩ් ගමට කරන උදවු ගැන තමයි මේ චිත්‍රපටය පෙන්නන්නෙ. රසවත් කතාවක්. ඒ වගේම අර හැරීපොටර් වගේ ඉන්ද්‍රජාලික වැඩත් පොඩ්ඩක් මේකෙ තියනවා. විස්තරේ ඒකයි.

6 අදහස් දැක්වීම්:

roshi said...

meeka echchara lassana ne

February 28, 2010 at 10:49 AM
Anonymous said...

meke mariyan nam ela. hebei robin chatar.

February 28, 2010 at 12:33 PM
Tharu said...

මේක සිරා වැඩක් නෙමෙයි. සාමාන්‍ය විදිහට කියනවනම් "Low budget Movie" එකක්. වැඩි වියදමින් තොරව කරපු එකක් වගේම ඇනිමේෂන් චාටර්.

February 28, 2010 at 2:30 PM
said...

මේ කොපිය හොඳයිද?

February 28, 2010 at 5:56 PM
mj said...

@ ම ; කොපිය හොඳටම හොඳයි. ඔය උඩින් දාලා තියෙන්නෙ ඕකෙන් ගත්ත ස්ක්‍රීන් ශොට්ස් තමයි.

February 28, 2010 at 7:52 PM
mj said...

@ Tharu ; ඔවු මචෝ මටත් එච්චර ඇල්ලුවෙ නෑ. නමුත් ඉතින් වෙනස් දෙයක් නිසා බැක්ලුවා. කියන්න තරම් නරකකුත් නෑ ඉතින්

February 28, 2010 at 7:54 PM

Post a Comment

කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.

අනවසරයෙන් උපුටා ගැන්න එපා.

net visitor stats
free counters