ඔන්න අපේ යාලුවන්ගෙ ප්‍රතිචාර මත අපි අපේ මේ චිත්‍රපටි අඩවියට ලියන්න ඔබලටත් අවස්තාවක් දෙන්න කැමතියි. ඔබටත් චිත්‍රපටි ගැන ඔබ දන්න අයුරින් අපිත් එක්ක බෙදා ගන්න කැමතිනම්, අපිට ලියන්න. අපි ඔබගේ නමත් එක්ක ඒ ලිපිය මෙහි පල කිරීමට කැමතියි. සිංහල ටයිප් කරන්න අමාරු අයට "Real Time Unicode Converter" එක බාවිතා කරන්න පුලුවන්.කැමති අය අපිත් එක්ක මේ ඊමේල් ලිපිනයෙන් සම්බන්ද වෙන්න පුලුවන්.
chithrapatiya@gmail.com

Thursday, February 11, 2010

Nick and Norah's Infinite Playlist (2008) - සාම්ප්‍රදායික නොවන, ආදරනීය ආදර කතාවක් !



ඔන්න ආදරවන්තයින් උදෙසාම අපෙන් ලබාදෙන නෑග්ග. සිනවා, ආදරය, වේදනාව, මේ කියන හැම දෙයක්ම අඩංගු චිත්‍රපටයක් හොයාගන්න බොහොම අමාරු දෙයක්නෙ , නමුත් ඔන්න ඒකට හොඳම විසදුමක් තමයි මේ චිත්‍රපටය. අවංකවම මම බලපු ලස්සනම සිනාව මුසු ආදර චිත්‍රපටයක්. මෑතකාලිනව ජනප්‍රියවුනු ආදර චිත්‍රපටි වලින් මෙම චිත්‍රපටයට විශේෂ තැනක් හිමිවී තිබෙනවා. ඊට හේතුව වෙන්නෙ මෙමෙ චිත්‍රපටය තරුන තරුනියන් හිතන-පතන අයුරින් ඔවුන්ගේ ජීවිත වලට සරිලන අයුරින් නිපඳවා තිබීම. අනිත් කාරනාව තමයි අද කාලීනව ගැලෙපෙන අයුරින් ආදර කතාවක් ලෙස මෙය නිර්මානය කර තිබීම.

"නික්" සහ "නෝරා" කියන්නෙ යවුවන වයසේ පසුවන උසස් අධ්‍යාපනය ලබන සිසුන් දෙදෙනෙක්. මේ අතරින්"නික්" පාසලේ rock සංගීතයට අදාල band එකක් පවතාගෙන යනවා, ඔහුගේ යාලුවන් කිහිපදෙනෙක් සමග. ඔය අතර "නෝරා" රහසින් "නික්" ට ආදරය කරනවා. ඔය අතර මොවුන්ගේ ප්‍රියතම rock ගායකයෙකුගේ සංගීත ප්‍රසංගයකට මේ සියලු දෙනා යනවා. එහිදී "නෝරා" ගේ යෙහෙලිය අදික බීමත් කම නිසා අනිත් යාලුවන්ට මගහැරෙනවා. මෙම යෙහෙලියට රංගනයෙන් දායක වෙන "Ari Graynor" ගැනනම් යමක් සඳහන් කල යුතුමයි. ඇයගේ රංගනය නිසාම මෙම චිත්‍රපටයට අදාරය මෙන්ම හාස්ය රසයද මදි නිකියන්න එකතු වෙලා තියෙනවා. ඔය අතරතුර " නික්" ගේ කලින් පෙම්වතියද, නැවත වතාවක් "නික්" හා යාලු වීමට පෙරුම් පුරනවා. ඒ සඳහා ඇය නොයෙකුත් වෑයම් දරනවා. අපි බලමු අන්තිමට "නික්" ගේ සහකාරිය "නෝරා" වෙයිද ? නැත්තන් කලින් පෙම්වතිය වෙයිද කියලා. පොඩි දෙයක් තියනවා අවසානයේදි කියන්න. මේ චිත්‍රපටය සාම්ප්‍රදායික ආදර කතාවක් වගේනම් නෙමෙයි. ආදරය බලන ගමන් හොඳට හිනා වෙන්නත් පුලුවන්. ඒක ඔය පහලින් දාලා තියෙන පෙර දසුන දැක්කහම තේරුම් යයි.

--

I've seen a ton of romantic comedies, some are good, some are awful; very few are really really good....

You guessed it... wow! Did we love this: smart, dippy, cutting, funny in all shades of funny, sweet romantic with a down low low-fi edge, up to date and even occasionally over the top this was far and away our favorite romantic comedy of the year and I'm giving it a solid ten in its genre.
Need to go on a date movie? This is your bucket of chicken - I promise you'll leave feeling lighter and curly wurly.
Very well directed by Peter Sollett it really brings an affection to its making and he's a name to look out for if you ask us...

All in all kind of our bag through and through... download & see & do comment please ...


2 අදහස් දැක්වීම්:

Raven said...

ස්තූතියි විස්තරයට. විවේකයක් ලැබුනම බාගන්න ඕනෙ.

February 11, 2010 at 6:46 PM
Anonymous said...

Thnkz

February 11, 2010 at 8:55 PM

Post a Comment

කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.

අනවසරයෙන් උපුටා ගැන්න එපා.

net visitor stats
free counters